Blog (බ්ලොග්) අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
මධ්‍යම පළාත් ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමාගේ පණිවිඩය.
Posted by Premitha Bandara Thennakoon at 11:16 PM
පුර
නැගුම, මඟ නැගුම, ආදී දහසකුත් එකක් වැඩසටහන් තුලින් අසිරිමත් දියුණුවක් උදෙසා රටම
එකාවන්ව රජයක් වශයෙන් අප වටා ඒකරාශීවන යුගයක ගම නැගුම උදෙසා පින්සාර මැදරට ග්‍රාමිය
සංවර්ධනයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කල “මධ්‍යම
පළාත් ග්‍රාමිය සංවර්ධන සතිය” වැඩසටහනේ අභිමානවත් සමාප්තිය සලකුණුකරන මොහොතක ඒ
පිළිබඳව සටහනක් තැබීමට ලැබීම පිළිබඳව ඉතා සතුටට පත්විමි.
මධ්‍යම
පළාත් ග්‍රාමීය සංවර්ධනයේ නව හැරවුමක් සනිටුහන් කරන මෙම අවස්ථාව සංවිධානය වන්නේ
එතෙක් මෙතෙක් අවධානය අල්ප වශයෙන් යොමුවු ග්‍රාමීය සංවර්ධනයේ අංශයන් යලි ප්‍රබෝධමත්
කිරිමට හා මේ සා කාලයක් ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් කැපවී කටයුතු කළ ආදරණිය
මිනිසුන් පිරිසක් ගෞරව බහුමානයට පාත්‍ර කිරිමටත් ය.
මධ්‍යම
පළාත් ඉතිහාසයේ ප්‍රථම වරට ග්‍රාමීය සංවර්ධන ගීතය හා අභිමානවත් ධජයක් එළිදක්වමින්
සුවිසල් මෙහෙවරක යෙදීමට පන්නම් පුරණ මෙම කටයුත්ත තුල රට අසිරිමත් අනාගතයකට ගෙන
යාමට අතිගරු ජනාධිපතිතුමන් ප්රමුඛ රජය
ගෙනයන ප්රයත්නයට සවියක් වෙමින් ග්‍රාමිය
ජනතාවගේ හැකියාවන්ට, අදහස් වලට ඉඩ
ලබාදෙමින් ග්‍රාමීය සංවර්ධනය උදෙසා අප දරණ වෑයමේ ප්‍රතිඵලය තුල ත්‍යාග ලබන සියළුම
ග්‍රාම සංවර්ධන සමීති වෙතට මාගේ සුභාශිංසනය පිරිනමන අතර මෙවන් කටයුත්තක් සංවිධානය
කිරිම උදෙසා සහයෝගයෙන් කටයුතුකළ මාගේ අමාත්‍යංශයේ සියළුම නිලධාරින්ට මාගේ ගෞරවණිය
ස්තුතිය පුදකර සිටිමි.
සවිමත් ගැමි දෑතක්, යහපත් හෙට දවසක් තුලින් ඓශ්චර්යමත්
මව් බිමක් ගොඩ නගමු.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,
මධ්‍යම පළාත් ක්‍රීඩා,යෞවන
කටයුතු,වනිතා කටයුතු,
ග්‍රාමිය සංවර්ධන හා කර්මාන්ත අමාත්‍ය
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Thank for Your Comments....