සීග්‍රයෙන් පැතිරීයන කොරෝනා වෛරසය හේතුවෙන් රට තුල ආහාර හිගයක් ඇතිවීම වැලැක්වීමට කෘෂි නිෂ්පාදන ක්‍රමවත්ව බෙදා හැරීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් ගෙන එන එළවළු රජය විසින් මිලට ගැනීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පවසයි.
අද දින උදෑසන ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් විසින් ගෙනා එළවළු වෙළෙන්දුන් විසින් මිලට නොගෑනීම නිසා අර්බුදකාරි තත්වයක් මතුවිය. එම මොහොතේම ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා වත්මන් තත්වය පිළිබද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය ලේකම් ආටිගල මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ලැබුණු උපදෙස් මත සියලුම කෘෂි නිෂ්පාදන රජය විසින් මිලට ගැනීමට තීරණය කර ඇති බව මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ ගොවීන් අපහසුතාවයට පත්වීමට ඉඩ නොදී එම නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ක්‍රමවත්ම ලබාදීමට රජය කටයුතු කරන බවයි.
0 comments:
Thank for Your Comments....