Blog (බ්ලොග්) අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
මිතුරා මවන
ලද්දේ තවකෙකුට ආදරය කිරිමට, සියලු දුක් හමුවේ පිහිට වීමටය.
ජිවිතය තුල සතුටින්, සිනහවෙන් පිරිගිය අවස්ථාවන් මෙන්ම
ශෝකයෙන්,කඳුලින් පිරිගිය අවස්ථාවන්ද බොහෝ ඇත. ජීවිතය යනු බන්දේසියක තබා පිළිගන්වන්නක්
නොව හඹාගොස් අල්ලාගත යුත්තක් බව මා හට ඉගැන්වුයේ මාගේ ආදරණිය පියාණන්ය. ඔහුගේ
උපදේශය තුල කල්‍යාණ මිත්‍රත්වයට සුපැහැදිලි වටිනාකමක් ලබා දුන්නේය.
එවන් මිතුරෙකු සොයාගිය මට ඔබ මුණගැසෙනුයේ අහඹුවකිනි.
සැබෑ මිතුයෙකු සොයාගිය මට පරිපුර්ණ කල්‍යාණ මිත්‍රයෙකු හමුවීම ඉමහත් භාග්‍යයකි. ඔබ
සැබැවින්ම උත්තරීතර මිත්‍රත්වය අතික්‍රමණය කළ හෘදය සමීපතමයෙකි. එබැවින්ම ඔබ සතුටින්
පිරීගිය මොහොතේදීත්, ශොකයෙන් අසරණ වු අවස්ථාවේදීත් මා සමඟ
නොවෙනස්ව සිටියේය.
විටෙක ඔබ කල්‍යාණ මිතුරෙකුව මා සමඟ සිනාසුනේය. විටෙක ඔබ
ආදරණීය සහෘදයෙකුව මා දැනුවත් කළේය. තවත් විටෙක ඔබ ස්නේහයෙන් පිරි පියෙකුමෙන් උපදේශයෙන්, මඟ පෙන්විමෙන් සංග්‍රහ
කළේය. මේ උත්තුංග දායාදයන් නිසා මා අද ජයටැඹ කරා පැමිණ සිටිමි. නමුත් අද මම එදා ඔබ
ආමන්ත්‍රණය කළ මිත්‍රයාමය. ඔබද මාගේ මිතුයාමය. සහෘදයාය. මා මෙවන් සුවිශාල, සුපහස්
අසුනකට ඔසවා තැබීමට කාරුණික වු ආදරණීය
මිත්‍රයාණනි, ඔබ වැන්නවුන් ඇසුර මිනිසුන්ට ආශිර්වාදයක් වන්නේය. දෙවියන් වහන්සේට ප්‍රියවන්නේය.
ඔබ මා කෙරෙහි දක්වන අපිරිමිත දයාව නිසාම මා ඔබ තුලින් දෙවියන් වහන්සේ දකිමි. මා
සවිමත්කළ අපූර්ව මිත්‍රත්වය වෙනුවෙන් වු දෙවියන් වහන්සේගේ පණිවිඩ කරුවාණෙනි,
ඔබට අනේක වාරයක් ස්තුතියි.
දෙවියන් වහන්සේගේ දේව ආශිර්වාදය හමුවේ සාමය සතුට සුභ නත්තලක්...........
මා
ඔබේ කලණ,
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,
මධ්‍යම පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු,වනිතා කටයුතු,
ග්‍රාම සංවර්ධන සහ කර්මාන්ත අමාත්‍ය,
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Thank for Your Comments....