Blog (බ්ලොග්) අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
වර්ෂයක් ගෙවී නව වර්ෂයක් ලබන මේ අවස්ථාවේ ඔබ සියළු දෙනාගේ පැතුම් ඉටුවන්නා වූ 2015 නව වර්ෂය සාමය සතුට පිරි වාසනාවන්ත නව වසරක්
වේවා.............!!!
ගරු ඉඩම් අමාත්‍යතුමා කළ සම්පුර්ණ කථාව මෙතනින් අහන්න click කරන්න
Posted by Premitha Bandara Thennakoon at 9:17 AMMinister Janaka Bandara Thennakoon shed tears while talking about the SLFP.
ගරු ඉඩම් අමාත්‍යතුමා කළ සම්පුර්ණ කථාව මෙතනින් අහන්න රුපය click කරන්න
ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කල මධ්‍යම පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම -2014 11- 27
Posted by Premitha Bandara Thennakoon at 4:05 AM
2014 11- 27 වන දින ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් පදක්කම් හා
තරඟ වාර්ථා පිහිට වු මධ්‍යම පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම උදෙසා පැවැත්වු සහතිකපත් හා
වර්ණ ප්‍රධානය මධ්‍යම පළාත් ගරු ක්‍රීඩා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වු අතර එහිදි මධ්‍යම පළාත් ගරු ප්‍රධාන
අමාත්‍යතුමාද සහභාගී විය.
මධ්‍යම පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය http://www.textilecp.com/index.php/en/ සයිබර් අවකාශයට මුදා හැරිම 2014-10-21 පෙ.ව 9.30ට සිදුවිය.
Posted by Premitha Bandara Thennakoon at 9:11 AM
මධ්‍යම පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය http://www.textilecp.com/index.php/en/
සයිබර් අවකාශයට මුදා හැරිම පෙ.ව 9.30ට මධ්‍යම පළාත් ගරු ප්‍රධාන
අමාත්‍යතුමා සහ මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්
මැතිතුමන්ගේ දැත් වලින් විවෘතවීම සිදු විය. පසුව මධ්‍යම පළාත් කර්මාන්ත
අමාත්‍යංශයේ කර්මාන්ත කරුවන් ඇගයීමේ හා ත්‍යාග බෙදාදීමේ උළෙල 2014
පල්ළෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදි 2014-10-21 වන දින පැවැත්විණ.
වේබ් අඩවිය Jcreative soft solution ආයතනයේ නිර්මාණයක් ලෙසින් එලිදැක්විය.
පල්ළෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදි 2014-10-21 වන දින පැවැත්විණ.
වේබ් අඩවිය Jcreative soft solution ආයතනයේ නිර්මාණයක් ලෙසින් එලිදැක්විය.
මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන සමාප්ති උලෙළ - 2014
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්රධානත්වයෙන්ගරු මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ආරාධනයෙන් ගරු අණ්ඩුකාරතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහි සුවිශේෂි අවස්ථා කිහිපයක් මෙලෙස සටහන් කරමි.
රට රකින නිල් පවුර -සුරකිමු මව්බිම ගලේවෙල නිදහස් පක්ෂ කාන්තා සම්මේලනය 2014
Posted by Premitha Bandara Thennakoon at 3:47 AM-- රට රකින නිල් පවුර 2014--
ගලේවෙල නිදහස් පක්ෂ කාන්තා සම්මේලනය 2014 -08-30 වන දින ටී.බී. තෙන්නකෝන් රංග ශාලාවේදි පැවැත්විනි....
බුද්ධිමත් අභිමානවත් දේශපාලනයක් උදෙසා පෙළ සැදුනු, පැමිණි සැමට තුති පුදකරන්නෙමු..... ස්තුතියි...
..
මධ්‍යම පළාත් ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමාගේ පණිවිඩය.
Posted by Premitha Bandara Thennakoon at 11:16 PMමධ්‍යම පළාත් ග්‍රාමීය සංවර්ධන සතිය වෙනුවෙන් ගරු අමාත්‍යතුමාගේ පණිවිඩය.
පුර
නැගුම, මඟ නැගුම, ආදී දහසකුත් එකක් වැඩසටහන් තුලින් අසිරිමත් දියුණුවක් උදෙසා රටම
එකාවන්ව රජයක් වශයෙන් අප වටා ඒකරාශීවන යුගයක ගම නැගුම උදෙසා පින්සාර මැදරට ග්‍රාමිය
සංවර්ධනයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කල “මධ්‍යම
පළාත් ග්‍රාමිය සංවර්ධන සතිය” වැඩසටහනේ අභිමානවත් සමාප්තිය සලකුණුකරන මොහොතක ඒ
පිළිබඳව සටහනක් තැබීමට ලැබීම පිළිබඳව ඉතා සතුටට පත්විමි.
මධ්‍යම
පළාත් ග්‍රාමීය සංවර්ධනයේ නව හැරවුමක් සනිටුහන් කරන මෙම අවස්ථාව සංවිධානය වන්නේ
එතෙක් මෙතෙක් අවධානය අල්ප වශයෙන් යොමුවු ග්‍රාමීය සංවර්ධනයේ අංශයන් යලි ප්‍රබෝධමත්
කිරිමට හා මේ සා කාලයක් ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් කැපවී කටයුතු කළ ආදරණිය
මිනිසුන් පිරිසක් ගෞරව බහුමානයට පාත්‍ර කිරිමටත් ය.
මධ්‍යම
පළාත් ඉතිහාසයේ ප්‍රථම වරට ග්‍රාමීය සංවර්ධන ගීතය හා අභිමානවත් ධජයක් එළිදක්වමින්
සුවිසල් මෙහෙවරක යෙදීමට පන්නම් පුරණ මෙම කටයුත්ත තුල රට අසිරිමත් අනාගතයකට ගෙන
යාමට අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය
ගෙනයන ප්‍රයත්නයට සවියක් වෙමින් ග්‍රාමිය
ජනතාවගේ හැකියාවන්ට, අදහස් වලට ඉඩ
ලබාදෙමින් ග්‍රාමීය සංවර්ධනය උදෙසා අප දරණ වෑයමේ ප්‍රතිඵලය තුල ත්‍යාග ලබන සියළුම
ග්‍රාම සංවර්ධන සමීති වෙතට මාගේ සුභාශිංසනය පිරිනමන අතර මෙවන් කටයුත්තක් සංවිධානය
කිරිම උදෙසා සහයෝගයෙන් කටයුතුකළ මාගේ අමාත්‍යංශයේ සියළුම නිලධාරින්ට මාගේ ගෞරවණිය
ස්තුතිය පුදකර සිටිමි.
සවිමත් ගැමි දෑතක්, යහපත් හෙට දවසක් තුලින් ඓශ්චර්යමත්
මව් බිමක් ගොඩ නගමු.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,
මධ්‍යම පළාත් ක්‍රීඩා,යෞවන
කටයුතු,වනිතා කටයුතු,
ග්‍රාමිය සංවර්ධන හා කර්මාන්ත අමාත්‍ය
Subscribe to:
Posts (Atom)
0 comments:
Thank for Your Comments....