Blog (බ්ලොග්) අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
සඝ,වෙද,ගුරු,ගොවි,කම්කරු යන පංච මහා බලවේගයෙන් සුසැදි........ එක්සත් ජනතා නිදහස් සංධානයේ පැරණි සමාජික කාඩ්පත සහ නව කාඩ්පත.......
Posted by Premitha Bandara Thennakoon at 11:04 PM
සඝ,වෙද,ගුරු,ගොවි,කම්කරු යන පංච මහා බලවේගයෙන් සුසැදි........
එක්සත් ජනතා නිදහස් සංධානයේ
පැරණි සමාජික කාඩ්පත සහ නව කාඩ්පත.......
ඔබ සතුද?එය ඔබගේ අනන්‍යතාවයයි......
එය සුරැකිව තබා ගන්න....
එක්සත් ජනතා නිදහස් සංධානයේ
පැරණි සමාජික කාඩ්පත සහ නව කාඩ්පත.......
ඔබ සතුද?එය ඔබගේ අනන්‍යතාවයයි......
එය සුරැකිව තබා ගන්න....
අපේ සටන.......(අති ගරු ජනාධිපතිතුමාගේ පැමිණිම - මාතලේ)
Posted by Premitha Bandara Thennakoon at 10:14 PMමධ්‍යම පළාත් සභා මැතිවරණය 2013 - මාතලේ දිස්ත්‍රික්කය
Posted by Premitha Bandara Thennakoon at 9:49 PM
2013.08.07
අති ගෞරවනීය ස්වාමීන් වහන්ස,
අති ගෞරවනීය පූජකතුමණි,
සදාදරණීය දෙමව්පියනි/ දයාබර දූ දරුවනි,
ලබැඳි හිතවතුනි/ හිතවතියනි,
මධ්‍යම පළාත් සභා මැතිවරණය 2013 - මාතලේ දිස්ත්‍රික්කය
2013 සැප්තැම්බර් 21 වැනි දින පැවැත්වීමට නියමිත මධ්‍යම පළාත් සභා මැතිවරණය නිමිත්තෙන් ඔබ අමතන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව මම මහත්සේ සතුටට පත්වෙමි.
මිනිසුන්ගේ හදවත් තුළ ඇති දුක වේදනාව තමන්ගේ කරගත් මගේ අප්පච්චී වන ගරු ටී.බී. තෙන්නකෝන් මැතිඳුන් එදා ජනතාව අවදි කළේ මහ මඟ කවි කොළ විකුණමිනි. අපි එදා ඒ දෙස මහත් උවමනාවෙන් බලා සිටියෙමු. අප්පච්චීගෙන් උගත් ගුණදහමින් අප හදවත් පෝෂණය විය. විවිධ දේශපාලන ප්‍රශ්න මත ඔවුනොවුන් මරා ගන්නා වෛරී දේශපාලන වටපිටාවත්, රුදුරු ත්‍රස්තවාදයත් තුළින් ඇතිකළ භීෂණයට මුහුණ දෙමින් ජනතාව සමඟ ලෙන්ගතුව සිටීමේ ප්‍රතිඵලය ලෙස රන්ගිරි දඹුල්ලෙන් ඔබ මා ඉහළට ඔසවා තැබුවේය. මා ඔබගෙන් වරම් ලබා ජනතා සේවය පිණිස පාර්ලිමේන්තුවට පිවිසුනේ මගේ අප්පච්චීගේ ගමන් මගේ යාමටය.
1994 වන විට මාතලේ දිස්ත්‍රික්කය වෙලාගෙන තිබූ එක්සත් ජාතික පක්ෂයේ බිහිසුණු මර්දනකාරී දේශපාලනය අවසන් කරමින් මා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන විට මේ ප්‍රදේශයේ නිවාස 100 කින් 75 කට විදුලිය නොතිබුණි. පානීය ජල ප්රශ්නය ඊටත් එහා විය. රෝහල් මිනී කාමර බවට පත්ව තිබුණි. පාසල් බොහොමයක් පැවතුනේ වවුලන් ලගින තත්වයේය.
මගේ රත්තරන් අප්පච්චී සෑම විටම කියාදුන් පරිදි මම ඔබේ සේවකයා වූවෙමි. දැන් දඹුල්ලට හා අවට ප්‍රදේශවලට ජල ප්‍රශ්නයක් නැති තරම්ය. රෝහල් හා පාසල් වැඩිදියුණු කර සියළුම පාරවල් සංවර්ධනය කර ඇත. නිවාස 100 කින් 98 කටම විදුලිබලය සපයා දී ඇත. මාතලේ දිස්ත්‍රික් නායකයා ලෙස දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාදාමයට නායකත්වය දෙමින් ශ්‍රී ලංකාවේ පළමු විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදිකර දඹුල්ලට පමණක් නොව මාතලේ දිස්ත්‍රික්කයටත්, පොදුවේ සමස්ථ රටටත් ප්රතිලාභ ලබාදීමට පියවර ගත්තෙමි. ආර්ථික මධ්‍යස්ථානය තුළින් අපගේ ගොවි ජනතාවගේ අස්වැන්න වෙනුවෙන් හොඳ මිලක් ලබාදී ආර්ථික වශයෙන් ඔවුන් ශක්තිමක් කිරීමට හැකිවීම පිළිබඳව මා හදවතින්ම සතුටට පත් වෙමි.
ඔබේ සේවකයා ලෙස මගේ මෙහෙවර මෙතනින් අවසන් නොවේ. රජය සමඟ සාකච්ඡා කර ඉදිරි සංවර්ධන කටයුතු සම්පූර්ණ කරමි. ඔබතුමන්ලා ලබාදුන් බලයෙන් ඉටුකළ ජනතා සේවය නිසාම කම්කරු නියෝජ්‍ය අමාත්‍ය, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය හා වර්තමානයේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය යනාදී වූ තනතුරු හිමිකරගැනීමට මට හැකිවූ අතර, ඒ තුළින් සියළු ප්රතිලාභ මාතලේ දිස්ත්‍රික් ජනතාවට ලබාදුන්නෙමි. මගේ එම සේවය ඔබ කිසි දිනකත් අමතක නොකරන බව විශ්වාස කරමි.
මගේ අප්පච්චීගේ ආශිර්වාදයෙන් හා පිය සෙනෙහසින් ලද පන්නරය ශක්තියක් කරගෙන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මාගේ පුතණුවන් පසුගිය පළාත් සභා මැතිවරණයෙන් වැඩිම මනාප ලබා ගැනීමට සමත් විය. එම විජයග්‍රහණය තුළින් යන්නට වෙර දරණ ගමන, බුදුසසුන සුරකින්නට ත්‍රිපිටකය පොත්වල ලියාතැබූ මාතලේ පුරවරයෙන් පටන්ගෙන ලග්ගල, රත්තොට මැදිකර දඹුල්ලෙන් අවසන් කරන්නට ඓතිහාසික රංගිරි දඹුල්ල ප්රමුඛ මාතලේ දිස්ත්‍රික් ජනතාව ඔහු වෙනුවෙන් රන්පත්ඉරු ලියන බව මට විශ්වාසය. ඒ ඔහු මාගේම පුතු වන බැවිනි.
තෙන්නකෝන් පරපුරේ ලෙයින් සුජාත එවන් නිමල පුතෙකු මා ඔබට දායාද කර ඇත. ඔබ සැම එය පිළිගෙන ගියවර ඔහු ඉහළට ඔසවා තබා ඇත. ඒ වෙනුවෙන් මගේ හෘදයාගම ස්තූතිය පිරි නමන අතර, මෙවර එම ශක්තිය දෙගුණ තෙගුණ කර පළමුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණටත්, දෙවනුව පුතුගේ මනාප අංක 10 ටත් මනාපය ලකුණු කර මාතලේ දිස්ත්‍රික්කයේ ඉතිහාසගත ගමනට දායක වන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබගේ ජනතා සේවකයා නොවරදවාම ඔබ කියාදෙන මාවතේ ගමන් කරනු ඇත. එය අපේ නොව දිස්ත්‍රික්කයේ සියළු දෙනාගේම විජයග්‍රහණයයි. ඔබතුමන් සියළු දෙනා පක්ෂ බේදයකින් තොරව එම වගකීම ඉටුකරන බව මම විශ්වාස කරමි. එම විජයග්‍රහණය අප සැමදෙනාගේ හදවත් තුළ රාව ප්රතිරාව නංවමින් රංගිරි දඹුල්ලේ අපේ පිංබිම සිසාරා නින්නාද වනු නොඅනුමානය.
ස්තූතියි,
මෙයට හිතවත්,
ජනක බණ්ඩාර තෙන්නකෝන්
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති,
දඹුල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක,
මාතලේ දිස්ත්‍රික් නායක,
Subscribe to:
Posts (Atom)
0 comments:
Thank for Your Comments....